Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටාර් චැරිටි පුණ්‍යායතනයට ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කරයි

කටාර් චැරිටි පුණ්‍යායතනයට ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කරයි

කටාර් චැරිටි පුණ්‍යායතනයට ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කරයි

කටාර් චැරිටි පුණ්‍යායතනයේ අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම පුණ්‍යායතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවද අමාත්‍යවරයා එහිදී දැනුම්දී තිබේ.

මේ දිනවල කටාර් රාජ්‍යයේ සංචාරයක නිරතව සිටින කාංචන විජේසේකර මහතා කටාර් චැරිටි පුණ්‍යායතනයේ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේ මෙම දැනුම් දීම සිදුකළ බව ඔහු සිට ට්විටර් ගිණුමෙහිද සඳහන් කර ඇත.

එම පුණ්‍යායතනය ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් කරන ලද කාර්යයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව ඇමතිවරයා සඳහන් කර තිබේ.
මෙම පුණ්‍යායතවයේ අරමුදල සම්බන්ධයෙන් 2019 වසරේදී තහනමක් පනවනු ලැබ තිබුණේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනාව මතය.

Exit mobile version