Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාන්තාවන් රැකියා සඳහා විදෙස්ගත වීමේදී පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරිමට කැබිනට් අනුමැතිය

කාන්තාවන් රැකියා සඳහා විදෙස්ගත වීමේදී පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරිමට කැබිනට් අනුමැතිය

කාන්තාවන් රැකියා සඳහා විදෙස්ගත වීමේදී පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරිමට කැබිනට් අනුමැතිය

වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදෙස්ගත වීමේදී අනිවාර්ය පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් සිදු කරන අතර එම වාර්තා ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොමැති කාන්තාවන් වෙනත් නීති විරෝධී ක්‍රම මගින් විදෙස්ගත වී විවිධ ගැටලුවලට මුහුණ පා ඇත.

එකී කරුණු සැලකිල්ලට ගෙන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඊට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Exit mobile version