Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් බයිඩ්න් නිවේදනය කරයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කළේය.

අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ දරුවන්ට අඛණ්ඩව ආහාර සැපයීම සඳහා මෙම ආධාර මුදල් පිරිනමන බවය. ඊට අමතරව, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය සහ ඔවුන්ට යහපත් ජීවිතයක් ලබාදීම සඳහා මෙම ආධාර සපයන බවද එහි දැක්වේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චං පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ගන්නා උත්සහයන්ට අමෙරිකාව අඛණ්ඩව සහය දෙන බවය.

Exit mobile version