Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස් නඩුවෙන් විනිසුරු ඉවත් වේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස් නඩුවෙන් විනිසුරු ඉවත් වේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස් නඩුවෙන් විනිසුරු ඉවත් වේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 1/2ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනාට එරෙහි නඩු විභාගයෙන් ඉවත් වීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා (23) තීරණය කළේය.

මෙම අධිකරණය හමුවේ නඩුව විභාග කිරීමෙන් තමන්ට සාධාරණයක් ඉටුවේවියැයි විශ්වාසයක් නැති බවට නඩුවේ සිව් වැනි විත්තිකරු විරෝධතාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී තම අධිකරණය පිළිබඳව අංශුමාත්‍රයක හෝ සැකයක් තිබේ නම් තවදුරටත් නඩුව විභාග කිරීමට තමන් සූදානම් නැති බව සඳහන් කරමින් නඩු විභාගයෙන් ඉවත් වු විනිසුරුවරයා මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයකු පත් කිරීම සඳහා නඩුව ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත යොමු කරන බවද සඳහන් කළේය.

රුපියල් කෝටි 12 1/2ක අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම කුමන්ත්‍රණකාරීව සිදුකළ බව ඇතුථ චෝදනා 14 යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම විසින් පවරා ඇති නඩුව සඳහා නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ට පෙනී සිටීමට නොහැකි බවට විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කළ විරෝධතාවයක් මීට පෙර දිනයේ ප්‍රතික්‍ෂෙප කළ විනිසුරුවරයා නඩුව විභාගයට ගැනීමට කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ සිව් වැනි විත්තිකරු ඉදිරිපත් කළ විරෝධතාවයකට අනුව විනිසුරුවරයා එලෙස නඩු විභාගයෙන් ඉවත් විය.

දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෙම රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා කෝටි 12 1/4 ලබාගත් බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස මහත්වරුන්ය.

Exit mobile version