Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහවැලි ඉඩම් වල මැණීක් ගැරීමට අවසර; මින් ඩොලර් ගැටලුවට කඩිනම් විසදුම් ලබා දිය හැකි – මැණික් හා ස්වර්ණාභරණ අධීකාරිය

මහවැලි ඉඩම් වල මැණීක් ගැරීමට අවසර; මින් ඩොලර් ගැටලුවට කඩිනම් විසදුම් ලබා දිය හැකි - මැණික් හා ස්වර්ණාභරණ අධීකාරිය

මහවැලි ඉඩම් වල මැණීක් ගැරීමට අවසර; මින් ඩොලර් ගැටලුවට කඩිනම් විසදුම් ලබා දිය හැකි - මැණික් හා ස්වර්ණාභරණ අධීකාරිය

මහවැලි ආශ්‍රිත මහවැලි ඉඩම් වල මැණීක් ගැරීමට අවසර ලබා දී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධීකාරියේ සභාපති තිලක් ජයවීර මහතා ප්‍රකාශ කළා.

මහවැලි ව්‍යාපාරය හේතුවෙන් මෙතෙක් කල් එලෙස අවසර ලබා නොදී තිබූ බව කියා සිටි සභාපතිවරයා හිටපු මහවැලි අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් මෙම අවසරය පසුගිය සතියේ ලැබුණු බවත්, එහි පදිංචි පවුල් 6000න් පවුල් 3000ට මැණීක් ගැරීමට කැනීම් බලපත්‍ර මුදා හරින බවත් පැවසුවා. මින් රටේ උද්ගතව ඇති ඩොලර් ගැටලුවට කඩිනම් විසදුම් ලබා දිය හැකි බවත් ඒ මහතා සදහන් කළා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය වසර එකහමාරක කාලය තුළ මහා භාණ්ඩාගාරයට රුපියල් මිලිය 40ක් මුදා හැර ඇති බවත්, ඊට අමතරව බදු මුදල් ගෙවා ඇති බවත් කි සභාපතිවරයා ජනවාරි සිට මේ වන විට අධිකාරියේ ශුද්ධි ආදායම මිලියන 100ක් යැයි පවසනවා.

අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

Exit mobile version