Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනයට; හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය (15) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට අදාලව ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම (15) සිට ලබන මස 12වනදා දක්වා සිදුවෙයි. හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා ඉදිරිපත් කිරීමටද මෙම කාලසීමාව තුළ ඉඩකඩ පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අවශ්‍ය කටයුතු සිදු කිරීමේ හැකියාව පවතියි.

එසේත් නොමැතිනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණ ඒ සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි. ඡන්ද නාමලේඛන සහතික කිරීම එළඹෙන ඔක්තෝබර් මස 31 වනදා සිදුකිරීමට නියමිතව ඇත.

Exit mobile version