Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමෙරිකාවෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 27ක්

ඇමෙරිකාවෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 27ක්

ඇමෙරිකාවෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 27ක්

ශ්‍රී ලංකාවේ කිරි ගොවීන්ගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන දෙගුණ කිරීම ඉලක්ක කරගත් ඩොලර් මිලියන 27ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අවබෝධතා ගිවිසුමක් (13) අත්සන් තැබිණ.

ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර සහ ඇමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මරියානෝ බෙයිලාර්ඩ් මහත්වරුන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහභාගී වූ අතර ඇය සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තැබුවාය.එම සටහනේ මෙසේ සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීමටත් ආර්ථික ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමත් ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනවා.ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය කිරීමට ලබා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 27 ඇමෙරිකානු දායකත්වය 80,000 කට අධික ශ්‍රී ලාංකික කිරි ගොවීන් ගේ නිපුණතා සහ සම්පත් වර්ධනය කරගනිමින් ඵලදායිතාව ඉහළ නැංවීමට ප්‍රයෝජනවත් වේවි”

Exit mobile version