Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2019 – 2021 අතර කාල සීමාවේ ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව විශේෂ විගණනයක්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබේ.

විගණකාධිපති, චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ, 2019 සහ 2021 අතර වසර තුනක කාල සීමාවේ ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව මෙම විශේෂ විගණනයේදි අවධානය යොමු කරන බවය.

ලබන මාසය තුළ එම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවන බව විගණකාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු පැවසුවේ අදාල ණය ලබාගෙන ඇති ක්‍රමවේදය, මෙරට ආදායම් වියදම් තත්ත්වය ඇතුළු කරුණු කෙරෙහි මෙහිදි වැඩි අවධානයක් යොමු කරන බවය.

Exit mobile version