Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මත්තල ගුවන්තොටුපොළේ සේවකයන් 545ක්; මාසික පාඩුව කෝටියයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මාසික ආදායම ලක්ෂ 85යි; වියදම ලක්ෂ 1600ක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මාසික ආදායම ලක්ෂ 85යි; වියදම ලක්ෂ 1600ක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මත්තල ගුවන් තොටුපොළ කිසිවිටෙක නොවිකුණන බව පැවසූ අමාත්‍යවරයා ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යූහගත කර හොඳ ආයෝජකයකු සමග සාමූහික ගිවිසුමකට පැමිණ රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (11) සහභාගී වෙමිනි.

අද වනවිට කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන් තොටුපොළට සේවකයන් පන්සිය හතළිස් පස් දෙනෙකු (545)අනියුක්ත කර සිටින බවත් සමහර සේවකයන් කොළඹ සිට මත්තලට බස් රථයකින් දිනපතා ප්‍රවාහනය කෙරෙන බවත් මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

මත්තල ගුවන්තොටුපොළ අද නඩත්තු කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ උපයන මුදලින් බව පැවසූ අමාත්‍යවරයා මත්තල ගුවන්තොටුපොළ ඉදි කිරීමට චීනයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 21ක ණය මුදලේ වාරික ගෙවීමට ඇති බවද ප්‍රකාශ කළේය. කොපමණ පාඩු ලැබුවත් මත්තල ගුවන් තොටුපොළ පවත්වාගෙන යා යුතු බවද හෙතෙම පැවසුවේය.

Exit mobile version