Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත්ම සුදුසු නැහැ – විජිත හේරත්

අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත්ම සුදුසු නැහැ - විජිත හේරත්

අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත්ම සුදුසු නැහැ - විජිත හේරත්

“අපරාධකරුවෙකු” රටක කැබිනට් අමාත්‍ය ධූරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජූනි (06) අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට ලක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එවැනි පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලයේ තවදුරටත් තබා ගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ජනාධිපතිවරයාටද ඇතැයි ඔහු පැවසීය.

“ඉල්ලා අස්වෙන්න ඕනේ. මහාධිකරණයකින් දඬුවම් නියම වුණා නේ. මේ වගේ දෙයක් වුණාම නිකම් චෝදනාවක් නෙවෙයි. කප්පම් ගැනීමක් නේ. පොඩි ගණනකුත් නෙමෙයි රුපියල් මිලියන 64ක ලොකු කප්පමක්. එවැනි බරපතළ අපරාධයකට වැරදිකරු විධියට උසාවියෙන් තීන්දුවක් දුන්නාම, සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහ ඇමතිවරයෙක්, රටේ දැන් ගත්තොත් කැබිනට් අමාත්‍යවරයෙක් ඇත්තටම ඉල්ලා අස් වෙන්න ඕනේ.

ජනාධිපතිවරයාටත් වගකීමක් තියෙනවා, එවැනි අයව තවදුරටත් කැබිනට් මණ්ඩලයේ තියාගන්නේ නැතුව ඉන්න. බරපතළ වැඩ සහිතව අත්හිටවූ සිර දඬුවමක් දුන්නම එවැනි අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත්ම සුදුසු නැහැ.”

Exit mobile version