Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුහම්මද් නබිතුමන් පිළිබඳ “අපහාසාත්මක අදහසක්” හේතුවෙන් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද දැඩි බලපෑම්

මුහම්මද් නබිතුමන් පිළිබඳ "අපහාසාත්මක අදහසක්" හේතුවෙන් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද දැඩි බලපෑම්

මුහම්මද් නබිතුමන් පිළිබඳ "අපහාසාත්මක අදහසක්" හේතුවෙන් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද දැඩි බලපෑම්

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනියක විසින් මුහම්මද් නබිතුමන් පිළිබඳව ප්‍රකාශ කරන ලද ‘අපහාසාත්මක අදහසක්’ හේතුවෙන් මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කුවේට්, ඉරානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ඉන්දුනීසියාව, ඉරාකය, මාලදිවයින්, ජෝර්දානය, ලිබියාව සහ බහරේන් ආදී රටවල් රැසක් මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති බවය.

මෙම තත්ත්වය ඉන්දියාව සහ ඉහත සඳහන් රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද දැඩිව බලපා ඇතැයි වාර්තා වේ. මෙම අදහස් පළ කිරීම පළමුවෙන් කර ඇත්තේ, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ නූපූර් ෂර්මා නමැති නීතිඥවරියකි. ඇය එම ප්‍රකාශය සිදු කර තිබුණේ, රූපවාහිනී නාලිකාවක පැවති විවාදයකදීය‍.

පසුව එම අපහාසාත්මක බව කියන අදහස පක්ෂයේ දිල්ලි මාධ්‍ය ඒකකයේ ප්‍රධානී නවීන් කුමාර් ජින්දාල් විසින් ෂෙයාර් කර තිබිණි.

ඔවුන් දෙදෙනාම අදාළ තනතුරුවලින් ඉවත් කර ඇතත්, “මුස්ලිම් ආගමට සිදුවූ අපහාසය” හේතුවෙන් ඉන්දියාවට එරෙහිව මතු වෙමින් පවතින විරෝධය තවදුරටත් පවතී.

Exit mobile version