Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බුද්ධිගලන ඛේදවාචකයට ලංකාව මුහුණ දෙමින් සිටිනවා – සජිත් ප්‍රේමදාස

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇත - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇත - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී (06)පැවසීය.

රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධිගලන ඛේදවාචකයට ලංකාව මුහුණ දෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ගුවන් සේවා ආයතනවල නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය. ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සහ මාර්ග සිතියමක්, කාල වකවානු සහිතව ක්‍රියාත්මක නොකරන තාක්කල් රට ගොඩනැගිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ උදෙසා අලුත් වරමක් සහිත, ස්ථාවර රජයක් අවශ්‍ය බවත් එසේ නොකර ජනතාව ඇන්දවීමෙන් මේ රට ගොඩනැගිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Exit mobile version