Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාණ්ඩ 369ක ආනයනයට අදාළව පැවති සීමා ඉවතට

භාණ්ඩ 369ක ආනයනයට අදාළව පැවති සීමා ඉවතට

භාණ්ඩ 369ක ආනයනයට අදාළව පැවති සීමා ඉවතට

භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ බාධා ඉවත් කරමින් HS කේත 369කට අදාළව පැවති සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ භාණ්ඩ (01) සිට ආනයනය කිරීම සඳහා අවසර ලැබෙන නමුත් ඒ වෙනුවෙන් පනවා ඇති බදු, රෙගුලාසි හා රීති තවදුරටත් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ වෙනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, භාණ්ඩ ආනයනය කිරීමේදී අවශ්‍යතාව පිළිබඳ සලකා බලමින් රට තුළ පවතින සීමිත විදේශ විනිමය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙසද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

කෙසේ වුවද එම HS කේත 369ට අදාළ භාණ්ඩ ආනයනය කිරීම පසුගිය මාර්තු මාසයේ 9දා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පාලනය කර තිබූ නමුත් නව ක්‍රමවේදයට අනුව එම භාණ්ඩ වර්තමානයේ පවතින නීති රීතිවලට සහ බදුවලට අනුකූලව ආනයනය කළ හැකි බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Exit mobile version