Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකික නායකයෙකු පත්කරයි

කටාර් ජාතික කණ්ඩායමේ නව නායක‍යා ලෙසින් ශ්‍රී ලංකාවේ උපන් රිස්ලාන් ඉක්බාර් පත් කර තිබේ. රිස්ලාන් කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙසින් පත්කල බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිලවශයෙන් ප්‍රකාශ කළා.

1985 වසරේදී නුවරදී උපන් රිස්ලාන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙනි. කඩුලු රකින්නෙකු සහ මැදපෙල පිතිකරුවෙකු ලෙසින් ප්‍රකට රිස්ලාන් තම පාසල් ක්‍රිකට් දිවිය තුල කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වුණා. රිස්ලාන් 2004 කාලවකවානුව තුල කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ නායකත්වයද හෙබවූවා.

ඔහු කටාර් කණ්ඩායම වෙනුවෙන් 2019 වසරේ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනාගත් අතර 2021 ඔක්තෝම්බර් මාසයේදී ඔහු ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ආසියානු සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දී A කාණ්ඩයේ තරඟ සඳහා කටාර් කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කළා.

Exit mobile version