Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවියේ ඉඩ

"ගෝඨා ගෝ ගම" ඉවත් කිරීම වළක්වාලන අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතික්ෂේප වේ

"ගෝඨා ගෝ ගම" ඉවත් කිරීම වළක්වාලන අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතික්ෂේප වේ

“ගෝඨා ගෝ ගම” අරගලකරුවන් මෙන්ම රට පුරා වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙබ් අඩවියක් හදුන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් තරුණ තරුණියන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බවත් එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ තරුණ කණ්ඩායම් වලට අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමටද ඉදිරියේදී අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අවස්ථාව ලබාදෙනු ඇති බවත් රුවන් විජයවර්ධන මහතා කියයි.

“ගෝඨා ගෝ ගම” අරගලකරුවන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර අදහස් හා යෝජනා ලබා ගැනීමෙි කාර්ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා වෙත පැවරූ රාජකාරි වලින් එක් වැදගත් වගකීමක් බවත් පළමුව තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වෙමින් පවතින ගැටළු අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ අතර එතුමාගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙනයාම වෙනුවෙන් මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙමින් කාලෝචිත හා වැදගත් අදහස්, යෝජනා ඉදිරිපත් කරන ලෙස රට පුරා සිටින සියලු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද අරගලයේ අරමුණු ජයගැනීමට හැකි වෙිවායි ප්‍රාර්ථනා කරන බවද විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

Exit mobile version