Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා ආර්ථිකය මරණයෙන් ගලවා ගැනීමට නම් මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතුයි

රනිල් රාජපක්ෂ ක්ලෝනයක්; රනිල්ගේ වත්කම් විගණනය කළ යුතුයි - මහාචාර්ය ස්ටීව් හෑන්ක්

රනිල් රාජපක්ෂ ක්ලෝනයක්; රනිල්ගේ වත්කම් විගණනය කළ යුතුයි - මහාචාර්ය ස්ටීව් හෑන්ක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණයට ගොදුරු වී ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව ප්‍රථම වරට ණය ගෙවීම් පැහැර හැර ඇති බවය.

2022 වසරේ ජනවාරි 1වනදා සිට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ආසන්න වශයෙන් 50%කින් අවප්‍රමාණය වී ඇතැයි ඔහු පෙන්වා දී ඇත. ඔහු අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකය මරණයෙන් ගලවා ගැනීම සඳහා මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බවය.

ශ්‍රී ලංකාවේ මහ බැංකුව අහෝසි නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ණය පවා කුණු කාණුවකට දැම්මා හා සමාන වන බව ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

Exit mobile version