Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපති ධුරයෙන් ඉවත්වනතුරු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෘත්තීය සමිති සමග අඛණ්ඩ වැඩවර්ජනයේ

පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයේ පාසල්වල ගුරු පුහුණුව - ලංකා ගුරු සංගමය

පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයේ පාසල්වල ගුරු පුහුණුව - ලංකා ගුරු සංගමය

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්ව යනතුරු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාසල් නොපැමිණෙන බවත්, ඔහු ගෙදර යනතුරු වෘත්තීය සමිති සමග අඛණ්ඩවම වැඩවර්ජනයේ නිරතවන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

රට තුළ පවතින තත්ත්වයන් හමුවේ දරුවන් පාසල් එවීමේ තීරණය දෙමාපියන් අතේ බවද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතාකළ ජෝශප් ස්ටලින් මහතා මෙසේද කියා සිටියේය.

‘මහින්ද රාජපක්‍ෂ රටම ගිනි තියලා අගමැතිකමින් ගියාට අප සෑහීමකට පත්වෙන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා තාමත් බලයේ ඉන්නවනේ. ඔහුත් ඔය පුටුව දාලා යන්න ඕන. වෘත්තීය සමිති සමග එක්ව අපි ආරම්භ කරපු වැඩවර්ජනය අපි නතර කරන්නේ නැහැ. මේ වර්ජනය අපි දිගටම අරගෙන යනවා. නිරායුධව බොහොම සාමකාමීව අරගලයේ යෙදෙන තරුණ පිරිසට මහින්ද රාජපක්‍ෂගේ බත් බැලයෝ ටික පහර දුන්නා. මේවා තුට්ටු දෙකේ වැඩ.

යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ රටම අවුලවලා ගියා. ඒ වුණාට තාම ගෝඨාභය බලයේ ඉන්නවනේ. මේ නිසා ගෝඨාභය ඔය තනතුර දාලා යනකම් විදුහල්පතිවරුන්, ගුරුවරුන් පාසල් එන්නේ නැහැ. ජනාධිපතිවරයා වහා ගෙදර යන්න ඕන. රාජපක්‍ෂ ආණ්ඩුව රටේ ජනතාව කුපිත කෙරෙව්වා’

Exit mobile version