Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වටරැක බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි බන්ධනාගාර රැදවියන් 58ක් අතුරුදහන්

2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින්

2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින්

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

වටරැක බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදී කොළඹ වැඩබිම්වල වෘත්තිය පුහුණුව ලැබූ රැදවියන් මාලඹේ තලාහේන ප්‍රදේශයේ (09) විරෝධකරුවන්ට කොටුවීමෙන් පසු රැදවියන් 58ක් අතුරුදහන් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බන්ධනාගාරය රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන යටතේ කොල්ලුපිටිය, රාජගිරිය සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල රැඳවියන් 180ක් සේවයේ යොදවා තිබූ බවත් ඔවුන් නැවත වටරැක බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී මාලඹේ තලාහේන ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කොටු වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම රැඳවියන් ‘ගෝටාගෝගම’ට ප්‍රහාර එල්ල කිරීමට යොදවාගත් බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙමින් තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම චෝදනාව ප්‍රතිකක්ෂේප කරයි.

කළහාකාරී සිද්ධියේදී විරෝධතාකරුවන් බන්ධනාගාර සිරකරුවන් බස්රථවලින් එළියට ගෙන ඔවුන්ට පහරදී එම සිද්ධිය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණී. එම වීඩියෝ පටවලට අනුව රැදවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ නම් ප්‍රකාශ කර තිබීම හේතුවෙන් එම නිලධාරීන්ට අපහාසයක් සිදුවූ බව කියමින් මෙම නිලධාරීන් ඇවන්ගාඩ් සමාගමේ සාමාජිකයන්ට බැණ තර්ජනය කරන වීඩියෝ දර්ශනයක්ද මේ වන විට අන්තර්ජාලයේ දක්නට ලැබෙයි.

Exit mobile version