Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ පවතින නොසන්සුන්කාරී තත්වයට කඩිනම් විසඳුමක් නොදුන හොත් රාජකාරිවලින් බැහැර වනවා – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

Online වීසා ගැන විශේෂ නිවේදනයක්

Online වීසා ගැන විශේෂ නිවේදනයක්

ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් රටින් බැහැර යෑම පිළිබඳව තියුණු සංවාදයක් පැනනැගී ඇති තත්වය තුළ ආගමන හා විගමන නිලධාරීන්ගේ රාජකාරිවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් රටේ පවතින අරාජික සහ නොසන්සුන්කාරී තත්වයට කඩිනම් විසඳුමක් නොදුන හොත් වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගුවන් තොටුපළ සහ වරායයන්හි ප්‍රත්‍යන්ත පාලන කටයුතුවල නිරත ආගමන හා විගමන නිලධාරී රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය, සෙසු මාධ්‍ය සහ පොදුවේ මහජනතාව අතර දැඩි අවධානයක් සහ සංවාදයක් නිර්මාණය වී ඇති බවද ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.

Exit mobile version