Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරේ දූපත් තුනක් රහසේම ඉන්දියාවට

උතුරේ දූපත් තුනක ඉන්දියාව විසින් ඉදිකිරීමට යෝජිත බලාගාර නිරීක්ෂණය සඳහා ඉන්දීය නියෝජිත පිරිසක් පසුගිය සතියේ සංචාරයක නිරත වී ඇත.

යාපන අර්ධද්වීපයේ ඩෙල්ෆ්ට්, නියිනතීව් සහ අනලතීව් දූපත්වල ඩොලර් මිලියන 12ක මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවට පැවරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පසුගිය පෙබරවාරියේ තීරණය කරන ලදී. ඊට පෙර මෙම ව්‍යාපෘති චීනයේ MS/Sinosar – Etechwin ඒකාබද්ධ සමාගමට ලබා දීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තීරණය කර තිබුණද ඉන්දියාවේ බලපෑම මත එය වෙනස් කර ඉන්දියාවට ලබා දීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට ඉන්දියාව විටින්විට ණය පහසුකම් ලබා දෙන අතර ඉන්දියාවට භූ දේශපාලනිකව වැදගත්වන මෙවැනි ව්‍යාපෘති කඩිනම් කිරීමටද ඉන්දීය රජය කටයුතු කරමින් සිටී. යාපනයේ ඉන්දීය කොන්සල් ජෙන්රල් ලෙස කටයුතු කරන රාකේෂ් නට්රාජ් සහ තවත් ඉන්දීය නියෝජිත පිරිසක් උතුරේ දූපත්වල සංචාරය කර ඇත්තේ මේ අනුවය.

Exit mobile version