Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමසන් වනාන්තරය තුළ දැවැන්ත වන සංහාරයක්; වනාන්තරය හෙළි කිරීම දෙගුණයකින් ඉහලට

ඇමසන් වනාන්තරය තුළ දැවැන්ත වන සංහාරයක්; වනාන්තරය හෙළි කිරීම දෙගුණයකින් ඉහලට

ඇමසන් වනාන්තරය තුළ දැවැන්ත වන සංහාරයක්; වනාන්තරය හෙළි කිරීම දෙගුණයකින් ඉහලට

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය තුළ දැවැන්ත වන සංහාරයක් සිදුවෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාප්‍රේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේ ඇමසන් වනාන්තරය දෙගුණයකින් හෙළි කර ඇති බවට පරිසරවේදීන් චෝදනා කළා. අප්‍රේල් මාසයේ පළමු දින විසිනවය තුළදි වර්ග කිලෝමිටර් එක්දහස් දොලහක් පමණ හෙළි කර ඇති බවයි වාර්තා වන්නේ.

වර්තමාන ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ බලයට පත්වීමෙන් පසු වනසංහාරය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඔහු අනුගමනය කරන අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්ති ඊට හේතුවයි.

ඇමසන් වනාන්නතරය පෘථිවියේ පෙනහල්ල ලෙස සැලකෙන අතර මිහිතලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරාගැනීමේ ප්‍රධානතම කාර්යය ඉටු කරන්නේ එම වනාන්තරයයි.

Exit mobile version