Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්ථිර මාර්ග බාධක ඉවත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ස්ථිර මාර්ග බාධක ඉවත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ස්ථිර මාර්ග බාධක ඉවත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කොළඹ නගරයේ ඉදිකොට තිබෙන ස්ථිර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ෂෙනාල් ජයසේකර සහ පරිසරවේදීයෙකු වන හේමන්ත විතානගේ විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, මාර්ග සංවර්ධන අධිකාරිය, මානව හිමිකම් කොමිසම සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ පොලිසිය විසින් කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය සහ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව ඉදි කර තිබෙන ස්ථිර මාර්ග බාධක හේතුවෙන් පුරවැසියන්ට නිදහසේ ගමන් බිමන් යාමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වන බවයි. මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට ලක් කෙරන බවද පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා. මෙය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම මාර්ග බාධක ඉදි කිරීමේ ක්‍රියාමාර්ග තුළින් ජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට ඇති මූලික අයිතිය, නිදහසේ රැස්වීමට ඇති මූලික අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ ඉදිකර තිබෙන ස්ථිර මාර්ග වහා ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Exit mobile version