Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුටින් තාවකාලික බල පැවරුමකට යයි

පුටින් තාවකාලික බල පැවරුමකට යයි

පුටින් තාවකාලික බල පැවරුමකට යයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තාවකාලිකව එරට ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev වෙත බලය පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලය පවරා ඇති කාලය අතරතුර රුසියානු ජනාධිපතිවරයා පිළිකා සැත්කමකට භාජනය විය හැකි බව එක්සත් ජනපදයේ New York Post විසින් තහවුරු නොකළ වාර්තාවක් ප්‍රකාශ කර තිබෙන බවද සඳහන්. පුටින්ට ශල්‍යකර්මයකටද භාජනය විය යුතු බව වෛද්‍යවරුන් විසින් පවසා ඇති බවයි වාර්තා කර තිබෙන්නේ.

මෑත කාලයේ පුටින්ගේ “අසනීප පෙනුම සහ ප්‍රසිද්ධියේ අසාමාන්‍ය චංචල හැසිරීම” ගැන සඳහන් කරමින් රුසියානු ජනාධිපතිවරයා පිළිකාවකින් සහ පාකින්සන් රෝගය ඇතුළු තවත් බරපතල රෝග රාශියකින් පෙළෙන බවට කටකතා පැතිරී ඇති බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තාවේ සඳහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Exit mobile version