Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් වෙනුවෙන් නොමිලේ බස් – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් වෙනුවෙන් නොමිලේ බස් - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් වෙනුවෙන් නොමිලේ බස් - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

රජයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් සඳහා නොමිලේ බස්රථ ලබාදීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී (03) පැවසීය.

ඒ අනුව සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් වෙනුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් කිසිදු ගාස්තුවක් අය නොකර බස් රථ ලබාදීමට පෞද්ගලික බස් හිමියන් වෙත උපදෙස් ලබා දී ඇතැයිද විජේරත්න මහතා සඳහන් කළේය. මෙයට අමතරව රජයට විරෝධය පල කරමින් ඉදිරි දිනක පාර්ලිමේන්තු සංකීර්නය අවට මාර්ග බස්රථ යොදවා අවහිර කිරීමට සංගමය තීන්දුවක් ගෙන ඇති බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ලබන 6 වැනිදා පවත්වන හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබා දෙන්නේද යන්න මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් ඔහු තවදුරටත් කීවේය.

Exit mobile version