Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකානු තානාපතිනිය යාපනය සංචාරයක – දමිළ දේශපාලඥයන් සහ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා

යාපනයේ සංචාරයකට එක්ව සිටින මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් යාපනය දිස්ත‍්‍රික් දමිළ දේශපාලඥයන් හමු වී තිබෙනවා.

එමෙන්ම ඇය එම ප්‍රදේශයේ තරුණ නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් හමු වී සාකච්ඡා කර ඇති බව ද සඳහන්.

තරුණ තරුණියන් මුහුණ පා ඇති ගැටලූ‍ හා ඊට අදාළ විසදුම් පිළිබඳ කරුණු සාකච්ඡා කර ඇති මෙම හමුවේ දී පවතින ආර්ථික අර්බුද හමුවේ ආයෝජන සිදු කිරීම සහ ආර්ථික ගැටලූ‍ විසදා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ඇමරිකානු තානාපතිනිය ඇතුලු පිරිස පළමුව යාපනය පලාලි යුදහමුදා ආරක්ෂක සේනා මූළස්ථානයේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා මහතා ඇතුලු ජ්‍යේෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් හමු වී සාකච්ඡාවක නිරත විය.

එහිදී ආරක්ෂක අංශ විසින් යුද්දයෙන් පසුව යාපනය දිස්ත්‍රීක්කය තුල නැවත පදිංචි වූ ජනතාව වෙනුවෙන් සිදුකෙරන සංවර්ධන, සුභසාධන ඇතුලු වැඩසටහන් පිළිබඳව සැකච්ඡා කෙරුනු අතරම සිවිල් ජනතාව සමග ආරක්ෂක අංශ සංහිදියාව වැඩිදියුණු කරන ආකාරයද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමරිකානු තානාපතිනය විසින් යුදහමුදා ක්‍රියාකාරකම් වෙනුවෙන් ප්‍රශංශා කරන ලදි.

යාපනය නගරයේ පැවති මෙම සාකච්ඡා වලින් අනතුරුව ජූලි චන්ග් නල්ලූර් කෝවිලේ පැවති පූජාවකට ද එක්වූ බවයි වාර්තා වේ.

Exit mobile version