Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ දැඩි උෂ්ණත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට

ඉන්දියාවේ දැඩි උෂ්ණත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට

ඉන්දියාවේ දැඩි උෂ්ණත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට

දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටිනවා.

මේ වන විට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කට වැඩි අගයක් ගන්නවා. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ එළඹෙන සතියෙත් වයඹ සහ මධ්‍යම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක දෙකත් 04ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි. මේ අනුව නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් පමණ වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

විශේෂයෙන්ම පසුගිය මාසයේ සිට ඉන්දියාවේ උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ ගියා. ඒ අනුව වසර 122 කට පසු ඉහළම උෂ්ණත්වය පසුගිය මාසයේ වාර්තා වුණා. සෞම්‍ය උෂ්ණත්වයක් ඇති බවට ප්‍රසිද්ධ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත 15 කට පමණ මේ වසරේ ඉහළ උෂ්ණත්වයක් සහිත තාප තරංගයක් බලපා ඇති බවයි එරට කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ.

Exit mobile version