Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුඩානයේ ගැටුම්වලින් 168 දෙනෙකු ජීවිතක්ෂයට, එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්ෂණයක් ඉල්ලයි

සුඩානයේ ගැටුම්වලින් 168 දෙනෙකු ජීවිතක්ෂයට, එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්ෂණයක් ඉල්ලයි

සුඩානයේ ගැටුම්වලින් 168 දෙනෙකු ජීවිතක්ෂයට, එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්ෂණයක් ඉල්ලයි

සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 168 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය එරටින් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත Volker Perthes, බටහිර Darfurහි Krink කලාපයේ ප්‍රචණ්ඩත්වය හෙළා දැක ඇති බවයි පැවසෙන්නේ,

ගැටුම් ඇති වූ එම කාලය තුළ නිවාස ගිනි තබා, රෝහල්වලට ප්‍රහාර එල්ල කර, භාණ්ඩ කොල්ලකා ඇති බවද සඳහන් ප්‍රචණ්ඩත්වයෙන් තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වී තිබෙනවා

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සඳහන් කර තිබෙන්නේ පෞද්ගලික ආරවුලක් බටහිර ඩාර්ෆූර් හි ක්‍රින්ක් ප්‍රදේශයේ ඇතිවීමෙන් මෙලෙස 168ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව තුවාල ලැබූවන්ට සහ රෝගීන්ට උපකාර පැතීමට ඉඩ දෙන ලෙස ඉල්ලා තිබෙන බවද වාර්තා වනවා.

Exit mobile version