Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

21වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනා කථානායකවරයාට

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සඳහා යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජන බලවේගය (21) කතානායකවරයා වෙත භාර දී තිබේ.

(21) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදී ඇති අතර ඉන් අනතුරුව එම කෙටුම්පත කතානායකවරයා වෙත භාර දී ඇත. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාළ සංශෝධනය, 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විත බව සඳහන්ය.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත (22) දිනයේ කථානායකවරයා වෙත භාරදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. එම මන්ත්‍රීවරුන් 40 දෙනා නියෝජනය කරන පක්‍ෂ නායකයින් අතර (20) රාත්‍රීයේ පැවති සාකච්ඡාවකදීයි ඒ බව තීරණය කර ඇත්තේ.

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර 19වන ව්‍යවස්ථාව සංශෝධන සහිතව 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත ලෙස මෙලෙස කතානායකවරයා වෙත භාර දෙන බවයි ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසුවේ. එම කෙටුම්පත වර්තමාන අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. එසේ සිදු කිරීමට නොහැකි වුවහොත් සිය ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම හරහා එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද එම ප්‍රකාශකවරයා සදහන් කළා.

Exit mobile version