Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාලුමුවදොර විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණ සේවා කොමිසමට පෙත්සමක්

ගාලුමුවදොර විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණ සේවා කොමිසමට පෙත්සමක්

ගාලුමුවදොර විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණ සේවා කොමිසමට පෙත්සමක්

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට එරෙහිව යම් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා නොබලා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බලන ලෙස ඉල්ලමින් නීතිඥවරුන් විසින් (19) අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පෙත්සමක් බාර දුන්නා. ඒ, නීතිඥවරුන් 100 කට ආසන්න පිරිසකගේ අත්සනින් යුක්තවයි.

එම පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ මර්මස්ථාන පිහිටි කොටුව අධිකරණ බල සීමාවේ මහේස්ත්‍රාත්වරයා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැඩ තහනමට ලක්ව සිටි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පත්කර තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නොමග යවන සුලු කරුණු වාර්තා කරමින් මෙම සාමකාමී උද්ඝෝෂණයට විරුද්ධව තීන්දු ලබා ගැනීමේ සූදානමක් පවතින බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද එම පෙත්සම මඟින් පෙන්වා දී තිබෙනවා.

Exit mobile version