Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාව ආහාර අර්බුදයෙන් ගොඩ ගන්න රනිල් රටවල් පහක් සමග සාකච්ඡා

වර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් විදෙස් රටවල් පහක් සමග සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව ඇමරිකාව, යුරෝපා සංගමය, එංගලන්තය, චීනය, සහ ඉන්දියාව සමග හිටපු අගමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

ඉදිරියේදී දරුණු ආහාර අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දීමට සිදුවනු ඇතැයි එම රටවල් හිටපු අගමැතිවරයා වෙත දැනුම් දී තිබෙන අතර ශ්‍රී ලංකාවට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.

රජය ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන්නේ නම් ලංකාවට උපකාර කිරීම පහසු වනු ඇතැයිද ඉහත රටවල්වල නියෝජිතයන් හිටපු අගමැතිවරයාට දැනුම් දී ඇත.

Exit mobile version