Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාලුමුවදොර විරෝධතාව ගැන විමර්ශනයක්

ගාලුමුවදොර විරෝධතාව ගැන විමර්ශනයක්

ගාලුමුවදොර විරෝධතාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොටුව පොලීසිය කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ගාලුමුවදොර විරෝධතාව පිළිබද විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට කොටුව පොලීසිය (18) කටයුතු කළා. මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ කොටුව පොලීසිය තවදුරටත් කියාසිටියේ නීතිවිරෝධී අයුරින් කටයුතු කළහොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි. විමර්ශනවලින් අනතුරුව ඉදිරි පියවර ගෙන ඒ පිළිබදව අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී පොලීසියට නියෝග කළා.

Exit mobile version