Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19වනදා; පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීම තාවකාලිකව අත්හිටුවයි

පළමු ශ්‍රේණියට අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ කරයි

පළමු ශ්‍රේණියට අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ කරයි

2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පැවසුවේ,

දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවය. කෙසේවෙතත් අභියාචනා ලැයිස්තු සම්බන්ධයෙන් ගැටලු පවතින පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව අතිරේක ලේකම්වරිය පැවසුවාය.

මේ අතර පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් මෙරට පාසල් වසා තිබුණා. මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බෙහෙවින් අඩාල වූ අතර පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදුවූ පාඩුව ඉතා විශාලයි. මේ හේතුවෙන් සිදුවු විෂය අතපසුවීම් මගහරවා ගැනීම වෙනුවෙන් පාසල්වේලාවට අතිරේකව පැයක් යොදා ගැනීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණේ. කෙසේ වෙතත් මෙම තීරණය තාවකාලිකව අවලංගු කිරීමට අමාත්‍යාංශය කටයුතු කළා.

Exit mobile version