Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිබල මණ්ඩලයට පාරිභෝගිකයන් පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 4800ක්

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

ලබාගත් විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට ගෙවීම මේ දක්වා පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 4800ක් දක්වා ඉහළ නැග ඇතැයි එම මණ්ඩලයේ සාමාන්‍යධිකාරි එම්.ආර්. රණතුංග මහතා පැවැසීය.

මේ හේතුවෙන් මතුවී ඇති මූල්‍යමය අර්බුදය නිසා විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත්කරුවන්ට සහ පෞද්ගලික විදුලි නිෂ්පාදකයන්ට මුදල් ගෙවීම මේ වන විට බරපතළ ගැටලුවක් වී ඇතැයි සඳහන් කළ සාමාන්‍යාධිකාරිවරයා පෞද්ගලික විදුලිය නිෂ්පාදකයන්ට මාස හයෙන් හයට මුදල් ගෙවීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

මූල්‍ය අර්බුදය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මේ මාසයේ වැටුප් ගෙවනු ලැබුවේද ඉතාම දුෂ්කරව බවත් මණ්ඩලයේ කටයුතු සඳහා කෝටි 2,500ක බැංකු ණයක් ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන් ගෙවීමට ඇති හිග මුදල එල්.එම්.ජී. බලාගාරයක් ඉදිකිරීමට යන මුදලට සමාන එකක් බවද හෙතෙම සඳහන් කළේය.

මෙම හිග මුදල මීට මාස කිහිපයකට පෙර පැවතුණේ රුපියල් කෝටි 4500ක් ලෙස යැයි විදුලිබල මණ්ඩලය පවසයි. ඉදිරි දින කිහිපයේදීවත් තම හිග විදුලි බිල්පත් නොපමාව ගෙවීමට කටයුතු කරන්නැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version