Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි

ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි

ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි

ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අවසන්වීම හේතුවෙන් (12) දින සිට මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් නොමැති වීමයි.

ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුවද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් මේ වන විට ලිට්රෝ සමාගම බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව මේ වන විට මෙරටට ගෑස් ආනයනය කරන සමාගම වෙත ලබා දීමට ඇති ඩොලර් මිලියන 10ක ණය මුදල ගෙවා දැමීමෙන් පසුව පමණක් යලි ගෑස් ලබාදීමටයි එම සමාගම එකඟත්වය පළ කර ඇත්තේ.

මේ වන විට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවේ එක්ව දේශීය බැංකුවකින් 16%ක පොලියකට ඩොලර් මිලියන 10ක ණයක් ඒ සඳහා ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් ඇති බවයි වාර්තා වුණේ.

එම ණය මුදල කඩින මින් ලබා ගැනීමට හැකි වුවහොත්බොහෝවිට එළඹෙන 18වන සදුදා දින සිට යළි මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් පවතින බවයි ලිට්රෝ සමාගමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Exit mobile version