Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367කට පැනවූ ආනයන සීමා දීර්ඝ කෙරේ – මුදල් අමාත්‍යාංශය

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367කට පැනවූ ආනයන සීමා දීර්ඝ කෙරේ - මුදල් අමාත්‍යාංශය

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367කට පැනවූ ආනයන සීමා දීර්ඝ කෙරේ - මුදල් අමාත්‍යාංශය

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයන සීමා කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇති බවයි.

පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ආහාර වර්ග විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සදහා පැනවූ සීමාවන් ඒ අනුව දීර්ඝ වනවා. ඇපල්, බටර්, රට ඉදි, දොඩම්, මුදවපු කිරි, යෝගට්, ඕට්ස්, චොකලට්, කෝන් ෆ්ලෙක්ස් හා පැස්ටා ආනයනය තව දුරටත් තහනම් වනවා.

බෝතල් කළ පානීය ජලය, බීර වර්ග, විදෙස් මත්පැන් සහ දුම්වැටි, සුවද විලවුන්, රූපලාවන්‍ය සහ රැවුල කැපීමට යොදා ගන්නා විද්‍යුත් උපකරණ සදහාද මෙම සීමාවන් ක්‍රියාත්මකයි. වායු සමීකරණ, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රොවේව් උදුන්, රයිස් කුකර්, ටෝස්ටර් සහ කෝපි හා තේ සෑදීමට ගන්නා නිවාසවල භාවිත කරන විද්‍යුත් උපකරණ සදහාද මෙම සීමා බල පැවැත්වෙනවා.

එමෙන්ම රූපවාහිනී යන්ත්‍ර, වීඩියෝ කැමරා මෙන්ම තෝරාගත් සංගීත භාණ්ඩ සදහාද ආනයන සීමා ක්‍රියාත්මක බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

Exit mobile version