Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය 9.91%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය 9.91%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය 9.91%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සියයට 9 දශම නවයයි එකකින් ඉහළ ගොස් ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ අපනයන කාර්ය සාධන දත්තවලට අනුවයි මෙම වැඩිවීම පෙන්නුම් කර ඇත්තේ. එය ඩොලර් මිලියන 1046 ක් දක්වා ඉහළ යාමක්. 2022 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනයට අනුවයි මෙම ඉහළයාම දක්වන්නේ. 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙය 5 දශම 8% වැඩිවීමකි. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පවසන්නේ මේ වසර ආරම්භයේ සිට භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන එකේ සීමාව අඛණ්ඩව පවත්වාගෙන ආ බවයි.

මෙය පසුගිය වසරේ සිට අඛණ්ඩව ඩොලර් බිලියන එක ඉක්මවූ නමවන මාසය බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙම ප්‍රවණතාව ඒ ආකාරයෙන්ම පවතිනු ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය විශ්වාස කරනවා. ඇගලුම්, මැණික් හා ස්වර්ණාභරණ, පොල්, විද්‍යුත් උපාංග, කුලුබඩු, මුහුදු ආහාර, මෙම අපනයන අතර අතර ඉහළ තැනක් ගන්නවා.

Exit mobile version