Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉහළ විනිමය අනුපාතවලට මුදල් හුවමාරුකරුවන්ගේ බලපත්‍ර අවලංගු කරන බව නිවේදනයක්

ඉහළ විනිමය අනුපාතවලට මුදල් හුවමාරුකරුවන්ගේ බලපත්‍ර අවලංගු කරන බව නිවේදනයක්

ඉහළ විනිමය අනුපාතවලට මුදල් හුවමාරුකරුවන්ගේ බලපත්‍ර අවලංගු කරන බව නිවේදනයක්

බලපත්‍රලාභී බැංකු මගින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් මුදල් හුවමාරු කරන්නන් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තහනම් කර ඇත.

2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව මෙලෙස බැංකුවල අනුපාතයන්ට වඩා වැඩි මිලක් ලබාදීම තහනම් කර ඇති බව මහ බැංකුව මහජනතාව වෙත දැනුම්දෙයි. එසේ කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/ අවලංගු කිරීමට සිදුවන බව එම ආයතන වෙත දන්වා ඇති බවද මහ බැංකුව ප්‍රකාශ කරයි.
බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතවලට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන මුදල් හුවමාරු කරුවන්ගේ බලපත්‍ර අවලංගු කරන බව නිවේදනයක් නිකුත් කරමින් එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එලෙස යම් මුදලක් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවකදී බලපත්‍රලාභී බැංකුවලට වඩා ඉහල විනිමය අනුපාත ලබාදෙන අවස්ථා පිළිබඳව තමන් දැනුවත් කරන ලෙසයි.

ඒ සඳහා 0112 398 523 හා 0112 398 827, 0112 477 375, 0112 398 568 යන දුරකථන අංක ඔස්සේ ඇමතුම් ලබා දිය හැකි අතර, dfem@cbsl.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේද තොරතුරු යොමු කළ හැකියි.

Exit mobile version