Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුම් 07ක්

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුම් 07ක්

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුම් 07ක්

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබුණා.

මෙම ගිවිසුම් වලට අත්සන් තැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සමග ද සාකච්ඡා පැවැත්වූවා. එහිදීයි දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබුණේ.

ඒ අනුව ඉන්දීය රජයේ සහයෝගය මත ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, යාපනයට ඔබ්බෙන් පිහිටා ඇති දූපත් තුනට දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන්කර තිබෙනවා. එමෙන්ම මෙරට ධීවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 ක නවීන පරිගණක පහසුකම් සහිත විද්‍යාගාර පිහිටුවීම, සුශ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබුණා.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය අන්තර්ජාලය ඔස්සේ විවෘත කිරීම ද සිදු කෙරුණා. ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන මෙරට බැතිමතුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකට ද එළඹුණා.

Exit mobile version