Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මෛත්‍රීට නිවසක් දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරයි

මෛත්‍රීට නිවසක් දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරයි

තමන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීම සදහා විනිසුරුවරුන් පස්දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පූර්ණ විනිසුරු මණ්ඩලයක් නම් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෝසමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ පැජට් පාරේ පිහිටි සිය නිල නිවස ලබා ගත් ආකාරය තුළින් මූලික අයිතීන් කඩවන බවට චෝදනා කරමිනුයි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත්තේ. පෙත්සම නැවත කැදවීමේ දිනයට පෙර අදාළ විනිසුරු මඩුල්ල නම් කිරීම පිළිබද සුදුසු තීරණයක් ගන්නා ලෙස එම මෝසම මගින් ඉල්ලා තිබෙනවා.

පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම යාමෙන් අනතුරුවද නිල නිවස භාවිත කිරීම සදහා අනුමැතියක් ලබාගෙන ඇති බවයි. හිටපු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවලිය තුළ පාරදෘශ්‍යභාවයක් දක්නට නොලැබෙන බවත් ඉන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසනවා.

Exit mobile version