Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපට ජාතික පරිවර්තනයක් සහ නව ආරම්භයක් අවශ්‍යයි – අගරදගුරු මැල්කම් රංජිත් හිමි

චැනල් 4 නාලිකාවට සහ ඒ සඳහා වෙහෙසුණු සැමට කෘත්‍යඥාතාව - කොළඹ අගරදගුරුතුමෝ

චැනල් 4 නාලිකාවට සහ ඒ සඳහා වෙහෙසුණු සැමට කෘත්‍යඥාතාව - කොළඹ අගරදගුරුතුමෝ

ශ්‍රී ලංකාවට නව ආරම්භයක් සහ ජාතික පරිවර්තනයක් අවශ්‍ය බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ (27) ප්‍රකාශ කළහ.

“අපට ජාතික පරිවර්තනයක් සහ නව ආරම්භයක් අවශ්‍යයි. අපට නිදහස ලැබී වසර 74ක් සපිරෙනවා, ශ්‍රී ලාංකිකයන් සෞභාග්‍යය කරා යන මාවත නිවැරදිද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුයි” යනුවෙන් කාදිනල් හිමිපාණන් පැවසුවේ කොළඹ, ක්‍රිස්තුදේව ගැලවුම්කාර දෙව්මැදුරේ පැවැති ඒකාබද්ධ ඇංග්ලිකානු හා කතෝලික දේව මෙහෙයකදීය.

“අද රට තිබෙන්නේ බලාපොරොත්තු විරහිත තත්ත්වයක එය දේශපාලඥයින් පමණක් නොව අප විසින් අපේ ඉරණම භාර දුන් දේශපාලන හා සංස්කෘතික බලවේග විසින් තමන්වම භාවිතා කිරීමට ඉඩ දී ඇති පුරවැසියන් විසින් කරන ලද වැරදි තේරීම් මාලාවක ප්‍රතිඵලයකි.
පුරා වසර 74ක කාලය තුළ ආසියාවේ සංවර්ධිත ජාතීන් ඉදිරියට යන විට අඩු වාසනාවන්ත අපේ රට හොඳ සිට නරකට යන ප්‍රතිගාමී ගමනකට ලිස්සා ගියා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“පශ්චාත් නිදහස් යුගයේ දේශපාලන තේරීම් නිසා අද රට බරපතළ සදාචාරාත්මක, ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයක පවතී. අද මේ වැරදි සහ අදූරදර්ශීභාවය නිසා අපේ ආර්ථිකය කඩාවැටිලා, භාෂා ආගම් භේද මත ජාතීන් දෙකඩ වෙලා එකිනෙකා ගැන සැකයෙන් ඉන්නවා. අපි අපව හරවාගෙන නව ආරම්භයක් ලබා දෙන ලෙස අපි යාච්ඤා කරමු” යැයිද ඔහු පැවසීය.

Exit mobile version