ග්රෑන්ඩ්පාස් ෆර්ගියුෂන් පාර කජිමාවත්තේ (25) අළුයම ඇති වූ ගින්නකින් අනවසර පැල්පත් නිවාස රාශියකට හානි සිදු වී ඇත.
නිවාස 200ක් පමණ මෙහි ඉදිකර ඇති අතර ඉන් නිවාස 23ක් පමණ සම්පුර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය ප්රකාශ කරයි.
කෙසේ වෙතත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් පමණ යොදා ගෙන තිබෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.