Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල විදුලි බලාගාර ආශි්‍රත ජලාශයන්හි ජල මට්ටම ඉතා අවම මට්ටමක

ජල විදුලි බලාගාර ආශි්‍රත ජලාශයන්හි ජල මට්ටම ඉතා අවම මට්ටමක

ජල විදුලි බලාගාර ආශි්‍රත ජලාශයන්හි ජල මට්ටම ඉතා අවම මට්ටමක

දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශි්‍රත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතා අවම මට්ටමකට පත්ව ඇති බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ හේතුවෙන් ජල විදුලිබල උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇති බවටද එම අමාත්‍යාංශය අනතුරු අඟවයි. මේ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කරුණු පැහැදිලි කරයි. ජලාශවල ජල මට්ටම් සහ විදුලිය ජනනය කළ හැකි ප්‍රමාණයන් මෙසේය.

කාසල්රි ජලාශය –
ඒ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.41 දක්වා පහළ බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩු කළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 19 වනතෙක් පමණි. මෙම ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළහැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 15.7ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවෙන් 16.5%කි.

මාඋස්සාකැලේ ජලාශය –
මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 12.84 දක්වා පහත බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වන තෙක් පමණි. ඒ අනුව මාඋස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 87.7ක් වන අතර එය සමස්ත ධාරිතාවෙන් 30.9%කි.

සමනල වැව ජලාශය –
සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 23.24 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩු කළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 31 වනතෙක් පමණි. ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 23.24ක් වන අතර එය සමස්ත ධාරිතාවෙන් 16.3%කි.

එමෙන්ම විදුලිබල උත්පාදනය කිරීම සඳහා මහවැලි සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශවල මේ වනවිට පවතින ජල මට්ටම් මෙසේ වේ.

කොත්මලේ ජලාශය –
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.10 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 31.7ක් වන අතර එය සමස්ත ධාරිතාවෙන් 22.1%කි.

වික්ටෝරියා ජලාශය –
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මීටර් 24.72 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩු කළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණි. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 152.6ක් වන අතර එය සමස්ත ධාරිතාවෙන් 34.5කි.

රන්දෙණිගල ජලාශය –
රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 8.48 දක්වා මේ වනවිට පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩු කළ හැක්කේ මීටර් 23 දක්වා පමණි. ඒ අනුව රන්දෙණිගල ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලිය ඒකක ගිගාවොට් පැය 60.5ක් වන අතර එය සමස්ත විදුලිය ධාරිතාවෙන් 56.3කි.

මෙම මහවැලි ජලාශවලින් රටේ පානීය ජල අවශ්‍යතාව සහ කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛතාවකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් මෙම ජලාශවලින් ජල විදුලිබලය ජනනය කිරීම සදහා ජලය මුදාහැරීමද සීමා කළයුතුව ඇත. එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version