Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අන්තර්ගත වාර්තාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියොගයක්

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අන්තර්ගත වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට (22) නියම කළා. ඒ, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (22) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා වෙතයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මෙම නඩුකරය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතිද්දී ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව පෙන්වා දුන්නා. එබැවින් එම නව සංශෝධනද ඇතුළත් කර සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව සංශෝධිත පෙත්සම මැයි මස 04 වනදාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 11 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළා. පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 18 වනදා කැඳවන ලෙසත් මෙහිදී නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා පෙත්සම ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් කර තිබෙනවා.

Exit mobile version