භාවිත කොට ඉවතලන මුව (මුඛ) ආවරණ කෝටි 500කට වැඩි ප්‍රමාණයක් ගත වූ කාලයේදී පරිසරයට මුදා හැර ඇතැයි අනාවරණය වේ. එය මෙරට ජනතාව මීළඟට මුහුණ දෙන දැවැන්තම පාරිසරික අභියෝගය බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.
ඉවතලන මුව (මුඛ) ආවරණ අවසානයේදී සාගරයට එක් වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන බවද ඇමැතිවරයා කීය. මෙරට සිටින මිලියන 22කට ආසන්න ජනගහනයෙන් සියයට පනහක්වත් (මිලියන 11ක්වත්) දිනපතා මුඛ ආවරණ බැහැර කරන බවද, ලෝක ප්‍රතිචක්‍රියකරණ දිනය යෙදුණු ඉකුත් 18දා සූම් යෙදවුම ඔස්සේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය. ලෝක බැංකුව 2021 වසරේ නිකුත් කළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ බැහැර කරන කැළිකසළවලින් සියයට 80ක් පුලුස්සා දමන බව තහවුරු කර ඇතැයිද ඔහු පැවැසීය. කැළිකසළ පිලිස්සීම දරුණු පාරිසරික ගැටලුවක් බවද පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙසේද පැවැසීය.
“අපේ රටේ ජනගහනයෙන් සියයට 80ක් ජීවත්වන්නේ ග්‍රාමීය අංශයේ. කැළිකසළ වැඩිම ප්‍රමාණයක් පුලුස්සා දැමීම ග්‍රාමීය අංශය තුළ සිදුවෙන බව තහවුරු වී තිබෙනවා. නාගරික අංශය කැළිකසළ හා ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම යම් තරමකට විධිමත්ව සිදුවෙනවා. නමුත් නාගරික අංශයේත් සමහරු ප්ලාස්ටික් පොලිතීන් ගිනි තබන අවස්ථාවන් දක්නට ලැබෙනවා. පොලිතීන් හා ප්ලාස්ටික් ගිනි තැබීම බරපතළ පාරිසරික හානියක්.
වත්මන් රජය යටතේ පරිසර සංරක්ෂණය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් අවස්ථා කිහිපයකදී පොලිතීන් හා ප්ලාස්ටික් තහනම් කළා. ඒ අනුව වසරකට රුපියල් මිලියන 960ක් වැය කරමින් භාවිත කළ සැෂේ පැකට් අපි තහනම් කළා. ඒ වගේම දිරාපත් නොවන ලන්ච්ෂීට් තහනම අනුව අපිට තවත් මාස තුනක් තුනක් තුළ ඒවා සියයට සියයකින්ම අපේ රටෙන් තුරන් කිරීමට ලැබෙනවා.
ඒ වගේම තවත් ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන වර්ග 08ක් තහනම් කිරීමට මම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. ඊට අදාළ ගැසට් පත්‍රය සකස් කරන ලෙස දැනුම් දුන්නත් තවමත් එය ප්‍රමාද කර තිබෙනවා. ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු මෙන්ම අයිස් ක්‍රීම් කෝප්ප වෙනුවට නව විකල්ප නිෂ්පාදන හ¾දුන්වා දීමට සමහර බහු ජාතික සමාගම් පියවර ගත්තා. නමුත් ගැසට් පත්‍රය ප්‍රමාද වීම නිසා දැන් යළිත් එම සමාගම් ප්ලාස්ටික්වලට යොමු වන බව මට වාර්තා වී තිබෙනවා.
පරිසර අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වැඩ කටයුතු ප්‍රමාදය ඊට හේතුවී තිබෙනවා. ඒ නිසා හැකි ඉක්මනින්ම ගැසට් පත්‍රය සකස් කරන ලෙස මම නිලධාරීන්ට දැනුම් දුන්නා. අපේ රටේ භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන්වලින් ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ සියයට 08ක් පමණ ප්‍රමාණයක්. ඉතිරි සියල්ලම පරිසරයට එක් වෙනවා.”