Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිරි තේ එකක් රු.100යි; බෝතල් කළ පානීය ජලය, මුව ආවරණවල මිලද ඉහළට

කිරි තේ එකක් රු.100යි; බෝතල් කළ පානීය ජලය, මුව ආවරණවල මිලද ඉහළට

කිරි තේ එකක් රු.100යි; බෝතල් කළ පානීය ජලය, මුව ආවරණවල මිලද ඉහළට

මුව ආවරණවල මිල සියයට 30කින් (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය.

ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යෑමත් සමඟ මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව ඇති බව කී විදුර අල්ගම මහතා කීය.

මේ අතර බෝතල් කළ පානීය ජලය බෝතල් මිලද ඉහළ දැමීමට ජලය නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව පානීය ජලය මිලිලීටර 500ක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති බව වාර්තාවේ.

ඒ අනුව මිලිලීටර 500ක ජල බෝතලයක් රුපියල් 60ක් සහ ලීටරයේ ජල බෝතලයක් රුපියල් 90ක් දක්වා ඉහළ දමා තිබේ. ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 120ක් දක්වාද ඉහළ ගොස් තිබේ.

(20) මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිල රුපියල් 100ක් වන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කියයි. එහි කැඳවුම්කරු අසේල සම්පත් මහතා සඳහන් කලේ කිරිපිටි මිල ඉහල දැමීමට ගෙන ඇති තීරණය අනුව මෙම පියවර ගන්නා බවයි.

Exit mobile version