Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන නැතුව ධීවර, සංචාරක බෝට්ටු සේවා කඩා වැටෙයි

ධීවර තොටුපලෙන් දෛනිකව ධීවර කටයුතු සඳහා පිටත්ව යන එන ධීවර බෝට්ටු සිය ගණනක් ඉන්ධන නොමැතිව නතරකර ඇතැයි ධීවර බෝට්ටු කරුවෝ පවසති .

කුඩා යාන්ත්‍රික බෝට්ටු දෙසීයකට වැඩි ගණනක් දෛනික එක්දින ධීවර කටයුතුවල සාමාන්‍ය දිනවල යෙදුනද මේ දිනවල දැඩි ලෙස ධීවර බෝට්ටු වලට ද බලපා ඇති ඉන්ධන ගැටළුව හේතුවෙන් ධීවර රැකියාව කර ගැනීමටද නොහැකි වී ඇතැයි ඔවුහු පවසති .

ඉඳහිට ඉන්ධනහල් වලට ලැබෙන භූමිතෙල් patrol යම් ප්‍රමාණයක් බැරල් වලට රැගෙන විත් දුෂ්කර ධීවර රැකියාවේ නියුතු වුවත් මේ වන විට බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම නවතා දැමීම හේතුවෙන් ධීවර කර්මාන්තයේ නියුතු සුළු පරිමාණ ධීවරයන් මෙන්ම සංචාරකයන් වෙනුවෙන් ජල ක්‍රීඩා, බෝට්ටු සවාරි වැනි වෘත්තීන් වලින් ජීවනෝපාය සරි කරගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව බෙන්තොට බේරුවල සංචාරක බෝට්ටු කර්මාන්තය සහ ධීවර වෘත්තිකයන් ගැන සොයා බැලීමේදී දැනගන්නට හැකි විය .

Exit mobile version