Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට උපදේශක සභාවේ අනුමැතිය

මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු නොකළහොත් IMF මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැක - පීරිස්

මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු නොකළහොත් IMF මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැක - පීරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ. විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පෙබරවාරි 10 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධිත පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිවූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, මධුර විතානගේ, (ආචාර්ය) සුරේන් රාඝවන්, (මහාචාර්ය) චරිත හේරත් සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Exit mobile version