Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බීමත් පියාගේ කරදර ඉවසාගත නොහැකිව පාසල් දැරියක් පාසල් නිලඇඳුමින්ම පොලීසියට

යාපනය අච්චුවේලී පොලිස් වසමේ අවරංකාල් ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් පාසල් නිලඇඳුමින්ම සිය පියාගේ හිරිහැර ඉවසාගැනීමට නොහැකි බව පවසමින් ලෝක කාන්තා දිනය යෙදී තිබූ 08 දින පැමිණ භාර වූ බවට පොලීසිය පැවසීය.

07 වසරෙ ඉගෙනුම ලැබූ අදාල 12 හැවිරිදි දැරිය පාසල් නිල ඇඳුම පිටින්ම අච්චුවේලී පොලීසියට පැමිණ ප්‍රකාශ කොට ඇත්තේ තම පියා දිනපතා මත්පැන් පානය කොට නිවසට පැමිණ තම මවට සහ බාල සොහොයුරන් දෙදෙනාට බැන වදිමින් පහරදී වධහිංසා සිදුකරන බවටත් එය ඉවසා ගැනීමට නොහැකි වූ නිසාවෙන් පොලීසියට පැමිණි බවටත්ය.

අනතුරුව අච්චුවේලී පොලීසිය විසින් අදාල පාසල් දැරිය කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරිවාශ ඒකකයේ නිලධාරීණ්  වෙතට භාර දීමට පියවර ගන්නා ලදි.

මේ අතර වධහිංසා සිදුකරන බවට සැකකෙරෙන අදාල පියා පිළිබඳව සොයාබැලීමට සහ දැරියගේ මව සහ බාල සොහොයුරන් දෙදෙනා සමබන්ධයෙන්ද සොයා බැලීමට පරික්ෂණයක් අරඹා ඇතැයිද අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Exit mobile version