Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ ඖෂධ හිඟය ගැන අවධානය යොමුකරන්න – MCPA මගින් රාජ්‍ය ඇමතිට ලිපියක්

What's better: the placebo you think is medicine, or the medicine you think is placebo?

මේ වනවිට රට තුල නිර්මාණය වී ඇති ඖෂධ හිඟය හේතුවෙන් ඔසුසල් සහ රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීමේදි ඇතැම් ඖෂධ නොමැති බවට ප්‍රකාශ කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් මේ සම්බන්ධව අවධානය යොමුකරන්නැයි ඉල්ලා වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සහ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්වරුන්ගේ අත්සනින් යුතුව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

මේ වනවිට මතුව ඇති ඖෂධ හිඟය හේතුවෙන් හදිසි රෝගාබාධ සහ දීර්ඝ කාලීන රෝගාබාධ සඳහා ප්‍රථිකාර ලබන රෝගීන්ට අවශ්‍ය කෙරෙන ප්‍රථිකාර සඳහා ගැටළු මතුවිය හැකි බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ රෝගාබාධ උත්සන්න වීමට පවා සෘජුව දායකත්වයක් සැපයෙන බැවින් අඛණ්ඩ ඖෂධ සැපයුමක් රට තුළ පවත්වාගෙන යාමට හැකිවන පරිදි දැනට පවත්නා ක්‍රමයේ අඩුපාඩු හෝ ඖෂධ සැපයීමේ දුර්වලතා සහ ඖෂධ හිඟය සම්බන්ධව අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය මේ සඳහා යොමුවිය යුතු බවත්, එමෙන්ම වර්ථමානය වනවිට ඖෂධ මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමට ලඟා වෙමින් ඇති බැවින් බොහෝ රෝගීන් ඖෂධ මිලදීගැනීමේදී නියමිත කාල සීමාව පුරාම ඖෂධ ලබා නොගෙන කොටස් වශයෙන් ඖෂධ ලබා ගැනීමට පෙලෙඹී ඇති බවත් මෙම තත්ත්වය ද අදාල රෝගීන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමට බලපාන බැවින් අදාල නිලධාරීන් සමග
සාකච්ඡා කර ජනතාවට දරාගත හැකි මිලකට ඖෂධ මිල පාලනය කරමින් මහජනතාව වෙත සහනයක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් එම ලිපිය මගින් දන්වා යවා තිබේ.

 

Exit mobile version