අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් මෙරටට ගෙන්වීම බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
එලෙස ආනයනය සඳහා සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පලතුරු වර්ග, චීස්, බටර් ඇතුළු කිරි ආශ්රිත නිශ්පාදන, විදේශීය මත්පැන්, වයින් සහ බියර් වර්ග මෙන්ම ගෘහ විදුලි උපකරණද ඇතුළත්. පාවහන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, සංගීත භාණ්ඩ සහ ටයර් ආනයනයටද සීමා පනවා තිබෙනවා.
පවතින ආර්ථික තත්ත්වය නිසිලෙස කළමණාකරණය කරගැනීම සඳහා සීමිත කාලයකට එම භාණ්ඩ වර්ග ආනයනය සීමා කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කළ ක්‍රමවේද 03ක් යටතේ එම ආනයන සීමා කෙරෙනු ඇති.
පළමු ක්‍රමවේදය යටතේ තෝරාගත් ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවනු ලබනවා. දෙවෙනි ක්‍රමය යටතේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වනු ඇති. තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා බදු හා බලපත්‍ර පැනවීමට නියමිතයි.